Saturday, August 18, 2012

W3Lanka බ්ලොගයට මොකද වුනේ? ඇත්ත හැක් කිරීමක් ද, ප්‍රචාරක උපක්‍රමයක් ද? Whither W3Lanka?


අජිත් පැරකුම් ලියූ W3Lanka බ්ලොගය 2009 ජූනි මස අග සිට ලංකා දේශපාලනය පිළිබඳ විචාරයක යෙදුණු එකකි.

එදා සිට මේ වසරේ අගෝස්තු මුලදී තමන් ගේ බ්ලොග් ගමන වෙනස් කරන්නට යන බව කියා තාක්‍ෂණික උපදෙස් ඉල්ලා ලිපිය දෙකක් පලකළ දිනය වෙනවිට W3Lanka හි විවිධ සාමාජ දේශපාලන විචාර සහිත ලිපි 2,100 කට වඩා පලවී තිබුණි. තමන් ගැන හෝ අඩු වශයෙන් තමන් ලියූ දේශපාලන නවකතාව ගැන හෝ අජිත් W3Lanka බ්ලොගයේ ලිව්වේ ඉතා අවම ලිපි ගණනකි.

අජිත් පැරකුම් ලියූ ශාස්තෘ නමැති නවකතාව ගැන මා මගේ බ්ලොගයේ දෙවරක්ම ලියූවෙමි.

මුලින්ම ඒ පොතේ එළිදැක්වීමේ උත්සවය ගැනය.

දෙවනුව පොතේ පිටපතක් මා මිලට ගත් හැටි සහ අජිත් හමුවීම පිළිබඳවය.

අජිත් පැරකුම් ට දේශපාලන සතුරන් සිටින බවත්, මා අජිත් පැරකුම් ගේ පොත ගැන ලිවීම ඔවුන් නොරුස්සන බවත් මට ඒ දෙවාරයේ දී ම මනා ලෙස පැහැදිලිවිය.

අද උදේ මගේ බ්ලොග් රෝල පිරික්සා බලන මා දුටුවේ මෙන්න මේ පුවතයි.

W3Lanka දැන් අපේ අතේ! පැරාට අනිච්ඡාවත සංඛාරා! @#$%^&*()_+|<>?,./



දැන් මට ඇති ප්‍රශ්නය මෙයයි.

කලකට ඉහත බියොන්ඩ් ෆ්‍රේම් බ්ලොගයට වුණා සේ W3Lanka බ්ලොගයත් ඇත්තටම හැක් කරලා ද?

නැත්තම් මේ අජිත් පැරකුම් එළි දක්වන්නට යන අළුත් ආකාරයේ වෙබ් අඩවියේ ප්‍රචාරක වැඩපිළිවෙලේ කොටසක් ද?

දන්නෝ දනිති. සෙස්සෝ නොදනිති!

-කතන්දරකාරයා

ප/ලි
මේ හැකර් ලිපියේ හොඳම කෑල්ල නම් බ්ලොගය පමණක් නොව බ්ලොගය ලියූ පුද්ගලයාව ද හැක් කර ඇති බව කියා තිබීමයි.

26 comments:

  1. "ප්‍රචාරණය" වීමට වඩාත් ඉඩ තිබේ. පැරාට සුභපැතුම්.

    ReplyDelete
  2. කතන්දරයට කෙල වෙලාම පල

    ReplyDelete
  3. Probably a publicity stunt?!

    If TRUE (most probable scenario) : In my honest opinion we must condemn; people using these kind of disgusting methods to sell their goods and themselves. Especially when it is coming from the people who stand against oppression and who are fighting for so called media freedom.

    Keheliya Rabukwalla would say " I vehemently condemn these kind of cheap publicity stunts"

    If FALSE: So sad indeed to loose another blogger. Hope Mr. Pakum will survive and will be back in action soon.

    ReplyDelete
  4. වර්ගපූර්ණිකාවේ වගේ හැක් එකක්ද දන්නේ නෑ....

    මේවා කියලා කකාවත් හැක් වෙයිද දන්නේ නෑ.. !

    ReplyDelete
  5. මේ අජිත් පැරකුම්ගේ අලුත් ගමනට ප්‍රවේශයකි. මේ සටහනේ ඇති ලේඛන රටාවත් බොහෝ දුරට අජිත්ගේ ආකාරයට තිබෙන බව මගේ හැඟීමයි

    ReplyDelete
  6. ප්‍රචාරක උපක්‍රමයක්

    ReplyDelete
  7. ඉස්සර බිත්ති වල ගහලා තිබුනේ "අරලිය" කියලා....

    ReplyDelete
  8. Just a publicity stunt! Although "Para" nothing but a man who sees the wrong side of everything in Sri Lanka.

    Para is a True Sri Lanka Diogenes !!!

    ReplyDelete
  9. සිංහලෙන් රිදෙන්න ගහන බ්ලොග් සියල්ලටම මීට කලින් උන දේම මේකටත් වෙලා නම් ඇත්තටම අපරාදේ. මීට කලින් හැක් කරපු ඒවා නම් ආයිමත් දකින්න ලැබුණෙ නෑ. ටැබුවා, බියොන්ඩ් ප්‍රේම්, ප්‍රින්ස් ශ්‍රී ලංකා කොළුවාට උන දේම මේකටත් උනා ද දන්නෙ නෑ.

    ReplyDelete
  10. මේක වෙන්න ඇති...ඔහු කියූ වෙනස.

    දැන් තිං ප්‍රචාරක මාධ්‍ය හෙන කලාත්මකයි නෙව.සිත් පැහැර ගන්නා කුතුහලය මුසු ප්‍රචාරක කලාව.

    ReplyDelete
  11. මේ ඇත්තම හැක් කිරීමක් මොකද හැක් කිරීම මුලින්ම හොයාගත්තෙ හෙළයින්....

    ශ්‍රී රාවණ සිද්ධම්..!

    ReplyDelete
  12. සිංහල බ්ලොග් අවකාශ සැලඩ් එකේ මිරිස් රහ එන්න එන්නම අඩු වෙනව.W3 ත් හොඳ මිරිස් කරලක්.ඒකත් කුණු වෙලා දැන් තියෙන කුණු රහටම එකතු වෙයිද?

    ReplyDelete
    Replies
    1. සැලඩ් එකේ කවුද බන් මිරිස් දාන්නේ... ඒ කියන්නේ උ නැති තරමට හොදය්

      Delete
    2. බොල පුතේ කෑම බීම ගැන දැනුමක් නැතිනම් බලාපිය මාර සරණිය.සලාද කියන්නේ පලතුරු සලාද ඉතරක් නෙමෙයි!අමු මිරිස් හෙම හොඳට දාල හදන එළවලු සලාදෙත් සලාදයක්!ඔය ගූගල් දෙය්යගේ ගහල බලාපිය පලතුරු එළවලු ඉතරක් නෙමෙයි මුදවාපු කිරිත් දාල හදන සලාද තියෙනව.

      Delete
  13. ඒක බ්ලොගර් නේ... ලොවෙත් හැක් වෙන්නෑ...

    ReplyDelete
  14. ඇත්තෙන්ම ඒක අර පටන් ගන්නවා කියපු අලුත් වැඩේ වෙනුවෙන් කරපු ටෙස්ට් එකක්ද? හිතා ගන්න බෑ

    ReplyDelete
  15. කවුද දන්නේ පැරා ගේ අළුත් ඇඩ්වයිසර්ගෙ ප්‍රොෆෙෂනල් ඇඩවයිස් එකක් ද කියලා.

    ReplyDelete
  16. සිරාවට මිනිහෙක්ව හැක් කලා ඇහුවමයි , වර්ඩ් ප්‍රෙස් නම් කථාව වෙනයි , බ්ලොගර් එකක් නිසා මාත් ප්‍රචාරක පැත්තට බර තියන්න කැමතියි

    ReplyDelete
  17. සිරාවට මිනිහෙක්ව හැක් කලා ඇහුවමයි , වර්ඩ් ප්‍රෙස් නම් කථාව වෙනයි , බ්ලොගර් එකක් නිසා මාත් ප්‍රචාරක පැත්තට බර තියන්න කැමතියි

    ReplyDelete
  18. ඔය යන්නේ පබ්ලිසිටිය එළටම.....

    ReplyDelete
  19. හැක් කරන්න බැරි බව අපි දන්නවා.මොනා වුනත් මේවායින් හොඳ ආතල් එකක් ගත්තැකි බලන් ඉඳලා.

    ReplyDelete
  20. මාවත් හැක් වෙලා සිකුරාදා ඉඳලා.
    හිසරදය, කැස්ස සහ හෙම්බා. ඒ මදිවට මුළු ඇඟම රිදෙනවා.
    මෙහෙමත් උණක්!
    හෙට වැඩට යන්න වෙන්නෙත් නෑ වගේ.

    සියලු දෙනාටම එසේ නොවේවා!

    ReplyDelete
    Replies
    1. හාපෝ... මතක් කරන්න එපා.... සති දෙකකට විතර කලින් ඇඳටම වැටිලා ඉඳලා ගොඩ ආවෙ... හරියට ඇඟ දුර්වල වෙනවා ඔය මගුලට.... ඇති තරම් විවේක ගන්න එක තමයි කරන්න තියෙන්නෙ...

      Delete

ඔබේ ප්‍රතිචාරය හැකි ඉක්මණින් මෙහි පලකෙරෙනු ඇත. මෙහි කිසිදු අදහස් වාරණයක් සිදු නොවේ. මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි. Comments are moderated and with filthy content will be deleted. No other censorship.